නව්‍යකරණයේ වූ කොළඹ එදා අප දුටු කොළඹ ට වඩා බොහෝ වෙනස්ය. අප එළියෙන් දකිනා දර්ශනයට එහා ගිය තවත් බොහෝ අප කව්රුත් නොදකින වෙනස් කම්ද රාශියකි . එදා උසස්පෙළ සමත් වූ අය විශ්ව විද්‍යාල වල උගතුන් වන විට අනෙක් තාරුණ්‍යය ත්රීවිලයකට හෝ ඇගලුම් හලක රැකියාවට බැදුණි . එහෙත් අද තාරුණ්‍යය යාවත්කාලීන වෙමින් රැකියාවන් සොයා ගනිමින් කොළඹ ඇතුලේ අලුත් පෙරලින් කරමින් සිටිති . මෙම ක්‍රියාවලිය සැබවින්ම හරිම නිර්මානශීලිය විටෙක තරගකාරීය එහෙත් කොපමණ දේවල් වෙනස් වුවද සමහරක් ප්‍රශ්න එසේමය . තවත් ප්‍රශ්න එදාට වඩා දෙගුණ තෙගුණ වී ඇත . කොළඹ නිදහස් තරුණයා ගේ සිතුම් පැතුම් අදහස් සමග ජීවිතවල ගොඩනැගීම යහළුකම , ආදරය වැනි වූ මානුෂීය නාට්‍යමය ගුණාංග සමගින් කොළොංබියා කතාවලිය ගොඩනැගීම සිදුවේ .
Designed and developed by
CYBER OCTANE